Portfolio Help

“Portfolio” ආරම්භ කරමු

ඔබේ ඇප්මේකර් ගිනුමට ඇතුල් වීමෙන් පසු new app button, Click කිරීමෙන් ලැබෙන්නේ Template අඩංගු තිරයයි.

අවශ්‍ය template එත තීරණය කර එහි “Select” බොත්තම ක්ලික් කිරීමෙන් යෙදුම සඳහා අවශ්‍ය template එක තෝරන්න.

කෙසේ වෙතත්, “Portfolio” වර්ගයේ template එකක් තොරාගෙන ඇත්නම් පමණක් මෙම උපදෙස් අනුව දිගටම කරගෙන යා හැකි අතර ඔබට “E-commerce” හෝ "Article" වර්ගයේ template තෝරා ගැනීමට අවශ්‍ය නම්, අනෙක් උපකාරක මාර් ගෝපදේශ වෙත මාරු වන්න.

APP NAME කොටුව තුළ, යෙදුම සඳහා ඔබ තීරණය කරන ලද නම ඇතුළත් කර “GET STARTED” Button මත ක්ලික් කිරීමෙන් යෙදුම් නිර්මාණය කිරීමේ තිරය විවෘත වේ.

මෙහිදී සාම්පල දත්ත (Demo Data) මකා දැමීමක් විමසන අතර ඔබේ කැමැත්ත පරිදි මුල සිටම යෙදුම නිර්මාණය කිරීමට අවශ්‍ය නම් පමණක් “Yes ” ක්ලික් කරන්න. සාම්පල දත්ත මකා දැමීමට ඔබට අවශ්‍ය නැතිනම් “No” ක්ලික් කර ඔබගේ යෙදුම නිර්මාණය කිරීමට සංස්කරණය කිරීම අරඹන්න.

Creating a category (කාණ්ඩයක් නිර් මාණය කිරීම)

ප්‍රධාන මෙනුවෙන් Content තෝරන්න

ලැබෙන උප මෙනුවෙන් Categories තෝරන්න.

ලැබෙන කාණ්ඩ කළමණාකරණ මුහුණතේ “add new category” ක්ලික් කරන්න.

කාණ්ඩයේ නම ඇතුළත් කරන්න.

ඊළඟට කාණ්ඩය නොමිලේ ලබා දෙන්නේ ද හෝ ගෙවීමක් යටතේ ලබා දෙන්නේ ද යන්න තෝරන්න. (කාණ්ඩය නොමිලේ ලෙස නම් කර ඇත්නම්, යෙදුම ස්ථාපනය කරන ඕනෑම අවසන් පරිශීලකයෙකුට මෙම කාණ්ඩයට අයත් පිටු වෙත පිවිසිය හැකිය. මෙම කාණ්ඩය ගෙවුම් ලෙස නම් කර ඇත්නම්, දායකත්වය ලබා ඇති සහ සේවාව සඳහා ගෙවා ඇති අවසන් පරිශීලකයාට පමණක් මෙම කාණ්ඩයට අයත් පිටු වෙත පිවිසිය හැකිය.)

ඉන්පසු කාණ්ඩය සඳහා රූපයක් Upload කරන්න

(Please note that entering a category name and image is compulsory in Appmaker.)

රූපය Upload කිරීම සඳහා BROWSE IMAGE මත ක්ලික් කරන්න, ,ලැබෙන සංවාද කොටුවෙන් Upload කිරීමට අවශ්‍ය රූපය තෝරා ගන්න.

පින්තූරය Upload තිරයට ලබා ගැනීමෙන් පසු, ලබා දී ඇති මෙවලම් භාවිතයෙන් ඔබට රූපය කැපිය හැකිය. කැපීමෙන් පසු “CROP & SAVE” තේරීමෙන් රූපය Save කර ගත හැකි අතර රූපය තවත් සංස්කරණය කිරීමට අවශ්‍ය නම් “CROP & EDIT” තෝරාගෙන සංස්කරණ මෙවලම් භාවිතා කළ හැකිය.

රූපය Upload කිරීමෙන් පසුව, කාණ්ඩය නිර්මාණය කිරීම සඳහා “Save” ක්ලික් කරන්න. (සටහන: රූපයේ Preview එකක් “Upload Image” යටතේ දැක්වේ.

Creating a new page (නව පිටුවක් නිර්මාණය කිරීම)

ප්‍රධාන මෙනුවෙන් Content තෝරන්න.

ලැබෙන උප මෙනුවෙන් Create Page තෝරන්න. එහිදී පිටු නිර් මාණය කිරීමේ අතුරු මුහුණත විවෘත වෙයි.

TITLE යටතේ පිටුවේ මාතෘකාව ඇතුළත් කරන්න.

ඉන්පසු දින දර්ශනය Icon මත ක්ලික් කිරීමෙන් පිටුව ප්‍රකාශයට පත් කරන දිනය සහ වේලාව තෝරන්න. (සටහන: පිටු වල අනුපිළිවෙල තීරණය වන්නේ දිනයන් අනුව ය. නව දින ඉහළ සිට පිළිවෙලට තිබේ)

මෙහිදී දින දර්ශනයක් විවෘත වනු ඇත. දින දර්ශනයෙන් අවශ්‍ය ප්‍රකාශන දිනය තෝරන්න. (සටහන: පරිශීලකයින්ට පිටුව දිස්වන්නේ යෙදුමේ ප්‍රකාශන දිනයට පසුව ය.)

ප්‍රකාශන දිනය ඇතුළත් කළ පසු, එලෙසින ම කල් ඉකුත් වීමේ දිනය ඇතුළත් කරන්න. (සටහන: කල් ඉකුත් වූ දිනට පසුව යෙදුමෙහි පරිශීලකයින්ට පිටුව නොපෙනේ) කල් ඉකුත් වීමේ දිනය ඇත්ළත් කිරීමෙන් පසුව ස්ක්‍රොල් බාර් භාවිත කර පහළට පැමිණෙන්න. ඔබේ ලිපියේ මුල් පිටුව සඳහා Image එකක් ඇතුළත් කිරීමට “Upload Image” Select කරන්න. ලැබෙන සංවාද කොටුවෙන් Upload කිරීමට අවශ්‍ය රූපය තෝරන්න.

(මේ සඳහා පළමුවැන්න ලෙස ලබා දිය හැක්කේ Image එකක් පමණි. You Tube Video හෝ සබැඳි (link) ලබා දිය නොහැක.).

පින්තූරය Upload තිරයට ලබා ගැනීමෙන් පසු, ලබා දී ඇති මෙවලම් භාවිතයෙන් ඔබට රූපය කැපිය හැකිය. කැපීමෙන් පසු “CROP & SAVE” තේරීමෙන් රූපය Save කර ගත හැකි අතර රූපය තවත් සංස්කරණය කිරීමට අවශ්‍ය නම් “CROP & EDIT” තෝරාගෙන සංස්කරණ මෙවලම් භාවිතා කළ හැකිය

සාර්ථකව උඩුගත කළ පසු උඩුගත කළ රූපයේ thumbnail එකක් පෙන්වනු ඇත.

YouTube වීඩියෝවක් ද ඇතුළත් කළ හැකි අතර Add Youtube Video කොටුව ටික් කර වීඩියෝවේ ලින්ක් එක Copy කරගෙනවිත් පහළ Box එකට Paste කරන්න

ADD PAGE DETAILS යටතට පිටුවට අන්තර්ගතය එක් කළ හැකිය. මේ මඟින් Text මෙන් ම Video සහ Image ද එක් කිරීමට අවස්ථාව ලබා දෙයි.

Link එකක් (සබැඳියක්) එක් කිරීම සඳහා, පළමුව රූපයක් හෝ අවශ්‍ය අකුරු කොටස Select කර Add Link බොත්තම ක්ලික් කරන්න.

අන්තර්ගතය ටයිප් කරනවා වෙනුවට PDF කර ගත් ගොණුවක් Upload කළ හැකිය. PDF ගොනුවක් Upload කිරීම සඳහා “Load PDF ” යන කොටුව ටික් කරන්න. (සටහන: මෙම විකල්පය තේරීමෙන් ඔබට අමතර අන්තර්ගතයක් එක් කිරීමට නොහැකි වනු ඇත)

PDF තේරීමෙන් “BROWSE” ක්ලික් කර PDF ගොනුව සොයා Upload කළ යුතුය

ඉන්පසු මෙම පිටුවට අයත් කාණ්ඩය හෝ කාණ්ඩ තෝරා ගැනීමට CATEGORY LIST යටතේ අවශ්‍ය චෙක්බොක්ස් ටික් කරන්න.

අන්තර්ගතය ටයිප් කිරීමෙන් හෝ PDF Upload කිරීමෙන් පසුව, ඔබට පිටුවේ පණිවිඩ යැවීම සහ අදහස් (messaging and comments )සක්‍රීය කළ හැකිය. messaging මගින් ලිපියේ දක්වා ඇති අන්තර්ගතය මත පදනම්ව ඔබට කෙලින්ම අවසාන පරිශීලකයාට පණිවිඩ යැවීමට හැකියාව ලැබේ. comments සක්‍රිය කිරීමෙන් පිටුවේ ඇති අදහස් පිටුවට පැමිණෙන සියලුම අවසන් පරිශීලකයින්ට දැකිය හැකිය.

අන්තර්ගතය ටයිප් කිරීමෙන් හෝ PDF Upload කිරීමෙන් පසු (සටහන: අන්තර්ගතය ටයිප් කිරීම හෝ PDF උඩුගත කිරීම අනිවාර්ය වේ) පිටුව ප්‍රකාශයට පත් කළ හැකිය. පිටුව ප්‍රකාශයට පත් කිරීම සඳහා “Publish” ක්ලික් කරන්න.

Managing Pages (පිටු කළමනාකරණය කිරීම)

ඔබ දැනටමත් නිර්මාණය කර ඇති පිටු කළමනාකරණය කිරීම සඳහා, , ප්‍රධාන මෙනුවෙන් Contents තෝරන්න.

ලැබෙන උප මෙනුවෙන් Manage Page තෝරන්න. එවිට ඔබට අවශ්‍ය ඕනෑම පිටුවක් සංස්කරණය කළ හැකි පහත පිටු පෙළගැස්ම ඔබට ඉදිරිපත් කරනු ඇත. Action තීරුව යටතේ Edit මත ක්ලික් කිරීමෙන් නැවත create page මෙනුවෙන් අදාළ පිටුවට පිවිස වෙනස් කළ හැකි ය. පිටුවක් අවලංගු කළ නොහැකි වුවද ඔබට එය මකා දැමිය හැකිය.

Adding Instagram Feed (ඉන්ස්ටග්‍රෑම් එක් කිරීම)

ඔබගේ යෙදුමට හෝ වෙබ් අඩවියට ඔබේ ඉන්ස්ටග්‍රෑම් එක් කිරීම සඳහා, ප්‍රධාන මෙනුවෙන් Contents තෝරන්න.

ලැබෙන උප මෙනුවෙන් Instagram Feed තෝරන්න. එවිට Instagram සම්බන්ධ කිරීමට ඔබ කැමති ආකාරය සැකසීමට පහත දැක්වෙන කරුණු ඔබට ඉදිරිපත් කරනු ඇත. ඊට අදාළ තොරතුරු ඇතුළත් කරන්න.

Adding Site Settings (යෙදුමට සැකසුම් එකතු කිරීම)

සම්බන්ධතා තොරතුරු, ප්‍රතිපත්ති සහ ඔබ හෝ ඔබේ සමාගම පිළිබඳ විස්තරයක් වැනි ඔබේ වෙබ් අඩවිය පිළිබඳ විස්තර එක් කිරීම සඳහා, ප්‍රධාන මෙනුවෙන් Contents තෝරන්න. ලැබෙන උප මෙනුවෙන් Site Settings තෝරන්න.

එතැන් සිට සිදුකළ යුත්තේ POLICIES (ප්‍රතිපත්ති ), ABOUT US (ඔබගේ තොරතුරු), CONTACT US (සම්බන්ධ කර ගත හැකි ආකාර), MAP LOCATIONS (ස්ථාන වල සිතියම් ) යන ටැබ් අවස්ථා තෝරමින් ලැබෙන පිටුතුළ අවශ්‍ය තොරතුරු පිරවීමයි.

Changing the Look and Feel (ඇප් එකෙහි පෙනුම සකස් කරමු)

ප්‍රධාන මෙනුවෙන් Design තෝරන්න. ලැබෙන උප මෙනුවෙන් Look and Feel තෝරන්න.

යෙදුමේ පසුබිම් වර් ණය වෙනස් කිරීම සඳහා, Option පැනලයේ “ Web App Background වෙත යන්න.

The color of the background can be changed by: (පසුබිම් වර්ණය මාරු කිරීම)

Background color ස්විචය මත ක්ලික් කිරීමෙන් විවෘත වන color palette එකෙන් අවශ්‍ය වර් ණය තෝරා ගත හැකි අතර පහත පරිදි වර් ණ කේතයක් ඇතුළත් කිරීමෙන් ද පසුබිමේ වර් ණය වෙනස් කළ හැකිය

“Edit Image” ක්ලික් කිරීමෙන් ලබා ගත් Screenshot රූපය Upload කළ හැක. (සටහන: Upload කරන ලද රූපයක් දර්ශනය වීමට නම්, Background Image කොටුව ටික් කළ යුතුය)

Navigation හි පසුබිම් වර් ණය සහ අකුරු වර් ණය වෙනස් කිරීමට Navigation අවස්ථාවට පිවිසෙන්න.

The background color of the navigation menu can be changed by: (Navigation Menu හි පසුබිම් වර් ණය වෙනස් කිරීම)

Navigation background Color ස්විචය මත Click කිරීමෙන් ලැබෙන color palette එකෙන් අවශ්‍ය වර් ණය තෝරා ගන්න. නැතිනම් පෙන්වා ඇති කොටුවේ අපේක්ෂිත වර් ණයේ හෙක්ස් අගය (hex value) ඇතුළත් කරන්න.

To change the font color of the navigation menu: (Navigation Menu හි අකුරු වර් ණය වෙනස් කිරීම)

Navigation Font Color ස්විචය මත Click කිරීමෙන් ලැබෙන color palette එකෙන් අවශ්‍ය වර් ණය තෝරා ගන්න. නැතිනම් පහළින් පෙන්වා ඇති කොටුවේ අපේක්ෂිත වර් ණ කේතය ඇතුළත් කරන්න.

යෙදුමේ භාවිතා කරන අකුරු වල අකුරු වර් ගය, ප්‍රමාණය සහ වර් ණය වෙනස් කිරීමට “Typography” යන මාතෘකාවට පිවිසෙන්න.

Header (ඉහළ ශීර්ෂකය) හි අකුරු වර්ගය වෙනස් කිරීමට, “Header Font” යටතේ ලැයිස්තුවෙන් අකුරු තෝරන්න

Header font (ශීර්ෂක අකුරු) අකුරු ප්‍රමාණය වෙනස් කිරීම සඳහා, “Header Font Size”. යටතේ ලැබෙන ලැයිස්තුවෙන් අකුරු ප්‍රමාණයක් තෝරන්න.

අකුරු වර්ණය වෙනස් කිරීමට, “Header Font Color ”ස්විචය මත Click කිරීමෙන් ලැබෙන color palette එකෙන් අවශ්‍ය වර් ණය තෝරා ගන්න. නැතිනම් පහළින් පෙන්වා ඇති කොටුවේ අපේක්ෂිත වර් ණයේ හෙක්ස් අංකය ඇතුළත් කරන්න.

අන්තර්ගතය සඳහා භාවිතා කරන අකුරු වර් ගය වෙනස් කිරීම සඳහා, “Content Font ” යටතේ ඇති ලැයිස්තුවෙන් අවශ්‍ය අකුරු වර්ගය තෝරන්න

අකුරු විශාලත්වය වෙනස් කිරීමට, “Font size”යටතේ ඇති ලැයිස්තුවෙන් අවශ්‍ය අකුරු විශාලත්වය තෝරන්න.

අකුරු ඝනකම වෙනස් කිරීමට, “Font Weight”යටතේ ඇති ලැයිස්තුවෙන් අවශ්‍ය අකුරු අවස්ථාව තෝරන්න.

අන්තර්ගතය සඳහා භාවිතා කරන අකුරු වර් ණය වෙනස් කිරීම සඳහා, “Content Font Color ” යටතේ ඇති වර් ණ ස්විචය මත ක්ලික් කිරීමෙන් අකුරු වර් ණයක් තෝරන්න.

Setting up Carousal (Carousal බැනරයක් එක් කර ගැනීම)

  1. ඔබගේ යෙදුමට බැනරයක් එක් කිරීමට, Navigation මෙනුවේ carousal banner තෝරන්න.
  2. Add Image ක්ලික් කර කැමති පින්තූර එක් කරන්න. පසුව පින්තූර සංස්කරණය කිරීමට හෝ මකා දැමීමට හැකිය..
  3. upload කිරීමට යන රූපයට නමක් එක් කිරීමෙන් පසුව,.browse Image ක්ලික් කර පින්තූරයක් සොයා ලබා ගන්න.
  4. ඔබ ලබාගත් රූපයේ කොටස තෝරාගත් පසු, Crop and Edit හෝ Crop and Save ක්ලික් කරන්න.
  5. විකල්පයක් ලෙස, ඔබට එම රූපය පවතින කාණ්ඩයක් සහ අනුරූප නිෂ්පාදනයක් සඳහා එකතු කළ හැකිය. එසේ කළහොත්, එම රූපය මත ක්ලික් කිරීමෙන් පරිශීලකයා එම ගණයට හෝ නිෂ්පාදන පිටුවට හරවා යවනු ලැබේ.

Publishing the Application (යෙදුම ප්‍රකාශයට පත් කිරීම)

Contact Us (සම්බන්ධතා තොරතුරු එක් කිරීම)

පළමු පියවර වන්නේ ඔබේ සම්බන්ධතා තොරතුරු එක් කිරීමයි. මෙය සිදු කිරීම සඳහා පහත පියවර අනුගමනය කරන්න(Path: Home -> Pages -> App Details -> Contact Us). ඔබගේ අවසන් පරිශීලකයින්ට ඔබ හා සම්බන්ධ වීමට හැකි වන පරිදි සම්බන්ධතා තොරතුරු ඇතුළත් කිරීමට මෙනුව මඟින් ඉඩ ලබා දේ. අනිවාර් ය වන්නේ විද්‍යුත් තැපැල් ලිපිනය පමණි. (මෙහි ඇතුළත් කර ඇති තොරතුරු යෙදුම Download කරන සියලුම පරිශීලකයින්ට දැකගත හැකි බව කරුණාවෙන් සලකන්න. එබැවින් කරුණාකර ඔබ බෙදාගන්නා පුද්ගලික තොරතුරු ගැන සැලකිලිමත් වන්න)

Submit for Approvals (අනුමත කිරීම් සඳහා ඉදිරිපත් කිරීම)

Contact us තොරතුරු ඇතුලත් කිරීමෙන් පසු, අනුමත කිරීම් සඳහා ඉදිරිපත් කරන්න. පහත පියවර අනුගමනය කරන්න. (Path: Home -> Publish -> Submit for approvals). එහිදී General, සහ Operator Configuration ලෙස ටැබ් දෙකක් ලැබෙයි. Operator Configuration ටැබ් Portfolio යෙදුම සඳහා අදාළ නොවේ

General ටැබ් යටතේ, short description තුළ යෙදුම පිළිබඳ කෙටි විස්තරයක් ලියන්න. Long description තුළ යෙදුම පිළිබඳ පැහැදිළි දිගු විස්තරයක් ලියන්න.

අදාළ විස්තර ඇතුළත් කිරීමෙන් පසු, නිර්මාණය කරන ලද අවසාන යෙදුම සඳහා ඔබ HI-RES Icon, feature graphic, සහ splash screen ලෙස භාවිතා කරන රූප Upload කළ යුතුය. එක් එක් ග්‍රැෆික්ස් පහත සඳහන් අවශ්‍යතා සපුරාලිය යුතුය: 

HI-RES Icon- 512 x 512 pixels, PNG format  

Feature Graphic – 1024 (width) x 500 (height) pixels, PNG format  

Splash Screen – 2732 x 2732 pixels, PNG format 

සටහන: Upload කරන ලද පින්තූර සඳහා මෙම මාර් ගෝපදේශ සපුරාලිය යුතුය. එසේ නොමැතිනම් පද්ධතිය විසින් එය Upload නොකරනු ඇත. 

රූපය උඩුගත කිරීම සඳහා අදාළ කොටුව මත මවුස් පොයින්ටරයතැබූ විය කොටුව පතුලේ “Add Image” යන්න දිස්වනු ඇත. රූපය Upload කිරීමට “Add Image” මත ක්ලික් කරන්න.

General tab හි අවසාන පියවර වන්නේ keyword සහ port ඇතුළත් කිරීමයි. ඇතුලත් කර ඇති keyword එක ශක්තිමත් හා අසමසම විය යුතු අතර, අවසාන පරිශීලකයා විසින් සේවයෙන් දායක වීමට සහ දායක නොවීමට භාවිතා කරයි. port එක සඳහා ලැයිස්තුවෙන් එකක් තෝරා ගන්න.

එවිට, අපගේ යෙදුමේ screenshots (තිරපිටපත්) ලබා ගැනීම අක්‍රීය කිරීමට ඔබට විකල්පයක් ඇත, අවශ්‍ය නම් එය සක්‍රීය කළ හැකිය. Save මත Click කරන්න. මෙය ඔබගේ යෙදුම (App) අනුමැතිය සඳහා ඉදිරිපත් කරනු ඇත. 

The approval process (අනුමත කිරීමේ ක්‍රියාවලිය)

අනුමත කිරීමේ ක්‍රියාවලියේ සෑම අදියරක් Status පිටුව හරහා යෙදුම් සංවර්ධකයාට දැකිය හැකිය. Path: Home -> Publish -> Status

යෙදුම සක්‍රීය කර ඇති එක් එක් ක්‍රියාකරුගේ තත්වය මෙම පිටුව පෙන්වයි. පහත දක්වා ඇති එක් එක් තත්වය සඳහා අනුමත කිරීමේ ක්‍රියාවලියේ අදියර විස්තර කෙරේ.

Status Description
Submitted for configuration අනුමැතිය සඳහා ඉදිරිපත් කරන ලද යෙදුම සංවර්ධකයාගේ අනුමැතිය සඳහා ඉදිරිපත් කර ඇත. යෙදුම දැනට Appmaker කණ්ඩායම විසින් සමාලෝචනය කරමින් සිටී. 
Submitted for approval යෙදුම ප්‍රකාශනය සඳහා අනුමත කර ඇත. යෙදුම ක්‍රියාකාරී වීමට අවශ්‍ය වින්‍යාස සැකසීමට පද්ධතිය ආරම්භ කර ඇත. 
Approved
ක්‍රියාකරු යෙදුම අනුමත කර ඇත. මෙයින් අදහස් කරන්නේ අනුමත ක්‍රියාකරුගේ ගනුදෙනුකරුවන්ට යෙදුමට දායක විය හැකි බවයි. එමනිසා, ඔබට මෙම ක්‍රියාකරු වෙතින් යෙදුම පාරිභෝගිකයින්ට අලෙවි කළ හැකිය.
Rejected
ක්‍රියාකරු යෙදුම ප්‍රතික්ෂේප කර ඇත. මෙම ක්‍රියාකරුගේ ගනුදෙනුකරුවන්ට යෙදුම භාවිත කළ නොහැක.

Generating a New APK (නව APK එකක් ජනනය කිරීම)

ඔබගේ යෙදුම අනුමත කර ප්‍රකාශයට පත් කිරීමෙන් පසු, ඔබගේ යෙදුම සඳහා නව APK Update කිරීමේ අවශ්‍යතාවයක් පැන නැගිය හැකිය. පහත දැක්වෙන පියවර භාවිතා කර මෙය පහසුවෙන් කළ හැකිය

Path: Home -> Publish -> Submit for Approvals

“Generate New APK” Button ක්ලික් කරන්න.

(Note: නව APK සම්පාදනය කිරීමට පද්ධතියට පැය 1-2 ක් පමණ ගත වන බව කරුණාවෙන් සලකන්න. සමහරක් අවස්ථාවන්හිදී මෙයට වඩා වැඩි කාලයක් ගතවනු ඇත. නව APK සම්පාදනය කිරීමෙන් පසු නව APK ලබා ගත හැකි බව සනාථ කරමින් ඊ මේල් පණිවුඩයක් ඔබ වෙත එවනු ලැබේ.

ඔබ යෙදුම තෙවන පාර්ශවීය යෙදුම් වෙළඳසැලකට (එනම් ගූගල් ප්ලේ වෙළඳසැල) Upload කර ඇත්නම්, කරුණාකර Update කළ APK යෙදුම් වෙළඳසැලටද උඩුගත කර ඇති බවට සහතික වන්න.)

Updating the App version (යෙදුම් අනුවාදය යාවත්කාලීන කිරීම)

Appmaker වේදිකාව සෑම විටම නව විශේෂාංග, කාර්ය සාධනය වැඩි දියුණු කිරීම් සහ දෝෂ නිවැරදි කිරීම් සමඟ නිරන්තරයෙන් දියුණු වේ. මෙම වැඩිදියුණු කිරීම් වලින් උපරිම ප්‍රයෝජන ලබා ගැනීම සඳහා ඔබගේ යෙදුම නවතම අනුවාදයට Update කිරීම අවශ්‍ය වේ. පහත දැක්වෙන පියවර අනුගමනය කිරීමෙන් මෙය පහසුවෙන් කළ හැකිය. පහත දැක්වෙන පියවර අනුගමනය කිරීමෙන් මෙය පහසුවෙන් කළ හැකිය.

Path: Publish -> Status

Updates තිබේ නම් Update Button එක සක්‍රීය වනු ඇත.නවතම අනුවාදයට Update කිරීමට Update බොත්තම ක්ලික් කරන්න.

(සටහන: යෙදුම Update කිරීමට පද්ධතියට පැය 1-2 ක් පමණ ගත වන බව කරුණාවෙන් සලකන්න. සමහර අවස්ථාවන්හිදී මෙයට වඩා වැඩි කාලයක් ගතවනු ඇත. යෙදුම Update කිරීමෙන් පසු නව APK ලබා ගත හැකි බව තහවුරු කරමින් ඊ මේල් පණිවුඩයක් ඔබට එවනු ලැබේ.

ඔබ යෙදුම තෙවන පාර්ශවීය යෙදුම් වෙළඳසැලකට (එනම් ගූගල් ප්ලේ වෙළඳසැල) Upload කර ඇත්නම්, කරුණාකර Update කළ APK යෙදුම් වෙළඳසැලටද උඩුගත කර ඇති බවට සහතික වන්න.)

යෙදුම නවතම version එකට update කර ඇත්නම් update බොත්තම අක්‍රිය වනු ඇත.

How to Delete an Application* (යෙදුමක් මකා දැමිය යුතු ආකාරය )

  1. Path: Publish -> Delete
  2. Confirm Delete

*යෙදුම මකා දැමීමෙන් පසු එම යෙදුමේ නම වෙනත් යෙදුමක් සඳහා භාවිතා කළ නොහැකි ය

Engaging Users (සම්බන්ධ වන පරිශීලකයින්)

ඔබේ ගනුදෙනුකරුවන්ට Push messages යැවීමෙන් ඔබට ඔබේ පරිශීලකයන් සමඟ සම්බන්ධ විය හැකිය. Push messages යැවීමට පහත පියවර භාවිතා කරන්න:
1. මෙනු කවුළුවෙහි “Engage” නම් මෙනුව තෝරන්න

2. උප මෙනුවෙන් Push messages යන්න තෝරන්න

3. විවෘත වන Push messages පිටුවෙන් Add New Massage මත ක්ලික් කරන්න.

4. ඔබට පණිවිඩය යැවීමට අවශ්‍ය පරිශීලක පදනම තෝරන්න. (සටහන: ක්‍රියාකාරී පරිශීලකයින් අදහස් කරන්නේ නම්, පසුගිය දින 7 තුළ යෙදුම විවෘත කළ පරිශීලකයින්ය.)

5. ඔබේ පරිශීලක පදනම තේරීමෙන් පසු, Massages කොටුව තුළ ඔබට අවශ්‍ය පණිවිඩය ඇතුළත් කර

6. Send Massage Now ක්ලික් කරන්න.

Managing Messages (පණිවිඩ කළමනාකරණය කිරීම)

ඔබගේ යෙදුමේ ප්‍රකාශයට පත් කර ඇති ඕනෑම පිටුවක පණිවිඩ යැවීම සක්‍රීය කර ඇත්නම්, පරිශීලකයින්ට ඔබ වෙත පණිවිඩ එවිය හැකිය. අවසන් පරිශීලකයින් විසින් එවන ලද මෙම පණිවිඩ ඔබට කළමනාකරණය කළ හැකි ආකාරය පහත විස්තර කෙරේ.

Path: Engage -> Manage Messages

මින් Manage Messages මුහුණත වෙත ගෙන යනු ඇත. පිටු මාතෘකාවට අනුව පණිවිඩ ලැයිස්තුගත කර ඇත. එම මාතෘකාවන් යටතේ පවත්වාගෙන යනු ලබන පණිවිඩ වලට ප්‍රවේශ වීම සඳහා “ Open” ක්ලික් කරන්න

එක් පණිවුඩයක් බැලීමට සහ පිළිතුරු දීමට individual mail මත ක්ලික් කරන්න.

පරිශීලකයාට පිළිතුරු දීමට, කොටුව තුළ ටයිප් කර Send බොත්තම ක්ලික් කරන්න.

Managing Comments (අදහස් කළමනාකරණය)

ඔබගේ යෙදුමේ ප්‍රකාශයට පත් කර ඇති ඕනෑම පිටුවක අදහස් දැක්වීම සක්‍රීය කර ඇත්නම්, අවසන් පරිශීලකයින්ට එම පිටුවේ අදහස් පළ කිරීමට හැකිය. අවසන් පරිශීලකයින් විසින් පළ කරන ලද මෙම අදහස් ඔබට කළමනාකරණය කළ හැකි ආකාරය පහත විස්තර කෙරේ.

Path: Engage -> Manage Comments

මින් comment management මුහුණත ලැබේ. මෙහි, අදහස් දක්වා ඇති පිටු සහ පළ කරන ලද අදහස් ගණන ලැයිස්තුගත කර ඇත. විශේෂිත පිටු මාතෘකාවක් යටතේ අදහස් දැක්වීමට ප්‍රවේශ වීමට “ Open” ක්ලික් කරන්න

අදහස් සඳහා පිළිතුරු දීමට, පළමුව “Reply” මත ක්ලික් කරන්න. මෙමඟින් ඔබේ පිළිතුර කොටුව තුළ ටයිප් කිරීමට හැකි වේ. ටයිප් කිරීමෙන් පසු පිළිතුර යැවීමට Send ක්ලික් කරන්න

Tag කළමනාකරණය (Tag Managament)

App නිර්මාණකරුවන් ඔවුන්ගේ App PWA හි සංඛ්‍යාලේඛන නිරීක්ෂණය කිරීමට කැමති නම්, ඔවුන්ගේ App එකට Google Analytics එකතු කිරීමෙන් ඔවුන්ට එය කළ හැකිය. ඔවුන්ගේ Google Analytics සැකසීමෙන් පසුව, මුලින්ම ඔවුන්ට App එකට code එක් කළ හැකිය,

1. Engage -> Tag Management දී Tag Management තෝරන්න

2. ඉන්පසු Enable Tag Management මත ක්ලික් කරන්න. Text ප්‍රදේශය තුළ Code අලවා Save.

App Access

යෙදුම් නිර්මාපකයින්ට වෙනත් නිර්මාණකරුවන්ට ඔවුන්ගේ යෙදුම කෙරෙහි සීමිත පාලනයක් ලබා ගැනීම සඳහා ප්‍රවේශය ලබා දිය හැකිය. යෙදුමට අදාළ ඇතැම් කාර්යයන් බෙදා ගැනීමට නිර්මාණකරුවන්ට මෙම අංගය භාවිතා කළ හැකිය. යෙදුම් ප්‍රවේශය හෝ වැඩි පරිශීලකයින් සැකසීම සඳහා; පළමුවන,

1. ප්‍රධාන මෙනුවේ App Access තෝරන්න

2. ඔබගේ යෙදුමට ප්‍රවේශ වීමට අවශ්‍ය අනෙක් පුද්ගලයින් එක් කිරීමට Add User මත ක්ලික් කරන්න.

3. අවසාන වශයෙන්, පරිශීලකයාගේ ලියාපදිංචි ජංගම දුරකථන අංකය ඇතුළත් කරන්න (Appmaker ගිණුමක් ඇති අයෙකු විය යුතුය) සහ ඔවුන්ට ප්‍රවේශ විය හැකි ඔබගේ "dashboard" හි කුමන අංග තෝරා ගන්න.

Article App Creation

E-commerce Store creation